දුඹුරු වර්ණ (සහ ක්‍රිස්ටෝව)

Add Image
ස්ථානය : ක්‍රිස්ටෝව-කැළණිය විශ්වවිද්‍යාලය

මෙය කැමරාවට හසු කරගත්තේ වි.වි හි පැවති චිත්‍ර ප්‍රදර්ෂණයකදියි.පසුබිම සුමට කිරීමට sepia වර්ණ පෙරණයක් යොදාගත්තත් චිත්‍රය සහිත රාමුව ඇත්තේ එහි ස්වාභාවික වර්ණ වලින්මයි.

සේයාරුව වගේම එහි පසුබිමත් වැදගත් නිසා ක්‍රිස්ටෝව ගැනත් මෙතනදිම කියන්නම්. "ක්‍රිස්ටෝව" කියන්නේ අපේ මානවශාස්ත්‍ර පීඨයේ තියන අපූරු, සුන්දර, අමුතු තැනක්.පැරණි වලව්වක් තමයි ඉදිරියෙන්ම තියෙන්නේ.රූස්ස ගස් වලින් හෙවණ උණු සුදුවැලි සහිත මිදුල,විවිධ මට්ටම් ව්ලින් සැදි සිංහල උළු වහල,කැටයම් කණු වගේම දිගු හිස් කොරිඩෝවන් මෙතැන පෞරාණික ලස්සන තවත් වැඩි කරනවා



ඒත් මීට වඩා සිත්ගන්නාසුළු තැනක් වලව්වට පිටුපසින් තියනවා.මෙතන්ට ගිය හැම වෙලාවකදිම හිතට හරි අමුතු හුදකලා ශෝකී හැගීමක් එනවා.(මගේ මිතුරනුත් කියනව ඔවුන්ටත් ඒ හැගීම දැනෙන බව ) ඒ මෙතන තියන අඳුරු තෙත්ගතිය නිසාද ,නැත්නම් ඉස්සර කලබල සමයේ මෙතැන වදකාගාරයක් විදියට භාවිතා වුණායැයි කව්දෝ කියපු කතාව (ඇත්ත නැත්ත නම් හරියට දන්නෙ නැහැ ) නිසාදැයි මට හිතාගන්න බැහැ.



සුවිසල් බෝගස් වැඩිලා තියෙන්නේ පරණ කණු වලට බද්ධ වෙලාමයි.වහලක් නැහි නිසා හොඳින් සුළඟත් එනවා.සුළඟට සැලෙන දහසක් බෝපත්වලින් නැගෙන හෝ හඬ අර ගුප්ත හැඟීම තවත් තීව්‍ර කරනවා.


කොහොම වෙතත් ක්‍රිස්ටෝව ඡායාරූපකරණයට නම් කදිම තැනක්...

3 comments

  1. Anonymous Says:

    lassna thanak wagey...

  2. you ar very creative photographer

  3. ඇත්තටම ක්‍රියේටෝව ලස්සන තැනක් වගෙයි පෙනෙන්නෙ. එහෙම තැන්වල ජීවිතයේ හරි අපූරැ හැගුම් නිතැතින්ම සිත්තම් වෙනවා....

Post a Comment