Showing posts with label සොබා. Show all posts
Showing posts with label සොබා. Show all posts

හරිත සිහිනය

බළල් ඇස්


Add Video

ගල් මල්

බලාපොරොත්තුවේ එලිය..

දිගුව..


බැහැගෙන යන ඉර එළිය කෙලින්ම පතිත වීම නිසායි මෙතරම් දීප්තිමත් ගතියක් ලැබිලා තියෙන්නෙ..

සමමිතිය


අපේ කැම්පස් එකේ තිබ්බ 'කල්‍යාණ දර්ශී' ප්‍රදර්ශනයේ වැඩකට හොරණ ගිය ගමනකදී මග ටිකක් වෙලා රස්තියාදු වෙන්න උණා.වාහනය නවත්තන් සිටියේ මේ රබර් වත්ත අයිනෙයි.මෙය ඉතාම හොඳට නඩත්තු කර තිබ්බ වත්තක්.රබර් ගස් සිටුවා තිබුණේ කොයි පැත්තට හැරිලා බැලුවත් එක පෙළට, හරි කෙලින් පෙනෙන ආකාරයතයි.

සුන්දර මවුරට

ස්ථානය : බතලේගොඩ ජලාශය-ඉබ්බාගමුව,කුරුණෑගල


පසුගිය අප්‍රේල් මාසේ කැම්පස් එකෙන් බතලේගොඩ වැව ආශ්‍රිත ප්‍රදේශයට ක්ෂේත්‍ර චාරිකාවක් යන්නට යෙදුණා.මේ එහිදී වැව් බැම්ම මත සිට ගත් ඡායාරූප වලින් එකක්.උදෑසන හොඳ ඉර එළියත් සුළං ඉතා හිමින් හැමීමත් නිසා , නිශ්චල දිය මතුපිට අහසේ සහ අවට කඳුවල ප්‍රතිබිම්භ පහැදිලිව පෙනුණා.

වාරුව..


කාචයේ සටහන් කරගන්න හිතුණේ පොල්කොටයේ තිබුණු වර්ණ සංකලනය නිසායි..

ලංකාවට හිම වැටනවද?

ස්ථානය : බතලේගොඩ ජලාශය-ඉබ්බාගමුව,කුරුණෑගල


මේකත් බතලේගොඩ චාරිකවෙදි ගත්ත එකක්.හැන්දෑ වෙනතුරු මහන්සි වී, වැඩ ඉවර වෙලා, පිටත්වීමට bus එකට නැග්ගාටත් පසුවයි මේ දර්ශනය ඇස ගැටුනේ.කඳු තට මීදුම පාවෙලා...ඉතින් බිමට නොබැස කොහොමද? තව මිනිතු 5ක් වත් එතැන ඉඳියානම් මීට වඩා ලස්සන දර්ශනයක් ගන්නට තිබ්බා.නමුත් demo මිස්කෙනෙක් කෑගැසූ නිසා ආයෙමත් bus එකට නගින්න උණා... :( :(

හරිත ලෝකය


අම්මාගේ අසෝකා මල් පඳුරේ කොළ කාදමන හොරා අහු උනේ අදයි.ඒත් ඒකා මෙහෙමට ලස්සනට හිටී කියලා කවුද හිතුවේ..