| Posted by
Anju
මේ අපේ art ෆැකල්ටි එකේ කාමරයක්.හොයන්නෙ බලන්නෙ නැතිව ඇතුලට ගිහින්,පින්තූරෙත් ගත්තට පස්සෙ තමයි දැක්කෙ ඈතට වෙන්න හාමුදුරු නමක් රවාගෙන් බලන් ඉන්නවා.ඒ පාලි හා බෞද්ධ අංශය වග මතක් උනේ එතකොටයි..
Posted In
ආලෝකය සහ සෙවනැලි
|
|
| Posted by
Anju
Posted In
කලාත්මක
|
|
| Posted by
Anju
ස්ථානය : Holiday Inn, Colombo
Posted In
කලාත්මක
|
|
| Posted by
Anju
මේ අපේ ආච්චිඅම්මගෙන් අම්මට ලැබුණ පරණම රිදී මාලයක්.(විදුලිබලය ඇනහිටි වෙලාවට මට වැඩ ගොඩයි..)
Posted In
ආලෝකය සහ සෙවනැලි
|
|
| Posted by
Anju
පරණ ලට්ට ලොට්ට ලාච්චුවකින් හම්බ උණ කුරුල්ලා..
Posted In
කලාත්මක
|
|
| Posted by
Anju
අපේ කැම්පස් එකේ තිබ්බ 'කල්‍යාණ දර්ශී' ප්‍රදර්ශනයේ වැඩකට හොරණ ගිය ගමනකදී මග ටිකක් වෙලා රස්තියාදු වෙන්න උණා.වාහනය නවත්තන් සිටියේ මේ රබර් වත්ත අයිනෙයි.මෙය ඉතාම හොඳට නඩත්තු කර තිබ්බ වත්තක්.රබර් ගස් සිටුවා තිබුණේ කොයි පැත්තට හැරිලා බැලුවත් එක පෙළට, හරි කෙලින් පෙනෙන ආකාරයතයි.
Posted In
කළු-සුදු සහ වර්ණ,
සොබා
|
|
| Posted by
Anju
මේ Euphorbia කියන මල් වර්ගයක්.හොයගත්තෙ අපේ අම්මගෙ මල් වත්තෙන්.පසුබිමේ තද එලියක් තිබ්බ නිසා කලබලකාරී ගතිය අඩු කරන්න කළු-සුදු පැත්තට හරවන්න උණා.bokeh (ආලෝක ලප) ගතිය ඇවිත් තියෙන්නෙ නොසිතූ විදියටයි.මොකද මේක ගත්තෙ ඒ පහසුකම නැති කැමරාවකින්..
Posted In
කළු-සුදු සහ වර්ණ
|
|
| Posted by
Anju
බුදුපහන තියන්න ගිය වෙලාවක උනත් ඉතින් කැමරා ඇස අමතක කරන්න අමරුයිනෙ.මේ පහන් දැල්ලේ ස්වාභාවික කහ එලිය flasher එක නැතිව.
(අපෙ ගෙදර හරියට හවස6ට බදුපහන තියනවා.ඒක අමතක කරලා පහනයි,වට්ටියෙ මලුයි එක එක පැති වලට තියන්න ගිහින් වෙලාව හුගක් පහුවෙලා බැනුම් අහගන්නත් උණා.)
Posted In
ආලෝකය සහ සෙවනැලි
|
|
| Posted by
Anju
ස්ථානය : බතලේගොඩ ජලාශය-ඉබ්බාගමුව,කුරුණෑගල

පසුගිය අප්‍රේල් මාසේ කැම්පස් එකෙන් බතලේගොඩ වැව ආශ්‍රිත ප්‍රදේශයට ක්ෂේත්‍ර චාරිකාවක් යන්නට යෙදුණා.මේ එහිදී වැව් බැම්ම මත සිට ගත් ඡායාරූප වලින් එකක්.උදෑසන හොඳ ඉර එළියත් සුළං ඉතා හිමින් හැමීමත් නිසා , නිශ්චල දිය මතුපිට අහසේ සහ අවට කඳුවල ප්‍රතිබිම්භ පහැදිලිව පෙනුණා.
Posted In
සොබා
|
|
| Posted by
Anju

මගේ ආදරණීය ග්‍රන්ත එකතුව (මගේ නිධන් ගබඩාව විදියට අම්මා හඳුන්වන)පිළිවෙලකට සකසද්දී ආ අදහසකුයි මේ.පොත් වලට ඉටිකොළ දමා ඇතිනිසා flasher එක නොමැතිව ගත්තත් ඇතිවූ දිලිසීම් ආවරනයට යොදාගත්තේ glass filter 1ක්.
Posted In
කලාත්මක
|
|
| Posted by
Anju
" when I'm in lonely
don't know why
keep thinking I wont be lonely
by & by.."
මෙය ගැන මම තෘප්තිමත් නැහැ.shots කීපයක් ගත්තත් මට අවශ්‍ය කෝණය ලැබුණේ නැහැ.වැඩය දිගටම කරගෙන යන්න බැරිඋණේ, පැත්තකින් තව ඉටිපන්දමක් අල්ලන්, හිටන් ඉඳීම එපාවෙළා අම්මා යන්න ගිය නිසයි.
Posted In
ආලෝකය සහ සෙවනැලි,
කලාත්මක
|
|
| Posted by
Anju
කාචයේ සටහන් කරගන්න හිතුණේ පොල්කොටයේ තිබුණු වර්ණ සංකලනය නිසායි..
Posted In
සොබා
|
|
| Posted by
Anju
Posted In
කලාත්මක
|
|
| Posted by
Anju
Posted In
සොබා
|
|
| Posted by
Anju
කටු වල macro 1ක් ගන්න ගිහින් අන්තිමට කටුයි මලුයි 2ම ගත්තා.පරමල් ඔය තිබ්බ විදියමයි.
Posted In
කළු-සුදු සහ වර්ණ
|
|
| Posted by
Anju
ස්ථානය : බතලේගොඩ ජලාශය-ඉබ්බාගමුව,කුරුණෑගල
මේකත් බතලේගොඩ චාරිකවෙදි ගත්ත එකක්.හැන්දෑ වෙනතුරු මහන්සි වී, වැඩ ඉවර වෙලා, පිටත්වීමට bus එකට නැග්ගාටත් පසුවයි මේ දර්ශනය ඇස ගැටුනේ.කඳු මතට මීදුම පාවෙලා...ඉතින් බිමට නොබැස කොහොමද? තව මිනිතු 5ක් වත් එතැන ඉඳියානම් මීට වඩා ලස්සන දර්ශනයක් ගන්නට තිබ්බා.නමුත් demo මිස්කෙනෙක් කෑගැසූ නිසා ආයෙමත් bus එකටම නගින්න උණා... :( :(
Posted In
සොබා
|
|
| Posted by
Anju

අම්මාගේ අසෝකා මල් පඳුරේ කොළ කාදමන හොරා අහු උනේ අදයි.ඒත් ඒකා මෙහෙමට ලස්සනට හිටී කියලා කවුද හිතුවේ..
Posted In
සොබා
|
|
| Posted by
Anju
මෙහි original shot එකේ ආලෝකය වැඩි නිසා මල් වල සුදු පහැය ඉස්මතු උනේ නැහැ.ඒනිසා sepia colorfilter 1ක් භාවිතා කළා.
Posted In
ආලෝකය සහ සෙවනැලි
|
|